ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නා හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිතර විය.
ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නා හිමිපාණන් සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසීය.
අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බැලීය.
අස්ගිරි මහ පිරිවෙන වෙත ද ගිය ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

