රටක ජනාධිපතිවරයෙක් සැගවී සිටියදී රට ඉදිරියට නොයන බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න පිළිබඳ සඳහනක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (04දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා සිය කාර්ය භාරය ජනාධිපති මන්දිරයේ සිට සිදු කරන අතර, ඔහු විවිධ ස්ථාන වලට ගමන් කිරීමද සිදු කරන බවත්, රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් යම් යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විවිධ ස්ථාන වලට යන බවට අමාත්‍යවරයා සඳහන් කළද එලෙස දැක ගැනීමට නොහැකි බව එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින වල පාර්ලිමේන්තුවට පැමිණි බවත්, කෙසේ වෙතත් ජනාධිපතිවරයා යන එන තැන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සඳහන් නොකරන බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.