ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක් සදහා 06/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද මෙම සංචාරය සදහා එක් වී සිටිති .
ඔවුන් 06/10 දින රාත්‍රී 08.33 ට දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර , එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ජර්මනිය වෙත යෑමට නියමිතය .
ජනාධිපතිවරයා ඇතුළු මෙම පිරිස ජර්මන් සංචාරය නිමා කර 06/15 දින ආපසු පැමිණීමට නියමිතය .