ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදි ජන රජයේ 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති රහස් ජන්දයෙන් තේරි පත්විමේ නිසා හැටන් නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට එක් වු එක්සත් ජාතික පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කල අයුරු අප කැමරාවේ සටහන් විය.
මෙහිදි මාධ්‍යට අදහස් දැක් වු එක්සත් ජාතික පාක්ෂිකයන් කියා සිටියේ ආර්ථික වශයෙන් වැටි ඇති මව්බිම යලි ගොඩ ගැනිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
දේශපාලන මතයන් අතහැර මෙරට ආර්ථික වශයෙන් ගොඩගැනිමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රිවරන් සහයෝගය ලබාදිය යුතු බවයි එක්සත් ජාතික පාක්ෂිකයන් කියා සිටියේ.
