ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල් සමග සාකච්ඡා ආරම්භ කිරිමට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ “කිසිවෙක් හෝ කථා කිරීමට අවශ්‍යයි. ප්‍රධාන ණය දෙන ජාතීන්ට ආරාධනා කරන්න. අපි එය ජපානයට කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙනි.
එසේම ලබන මාසයේදී තමා ජපානයේ කරන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපාන ආග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා කරන බවද ජනපතිවරයා පැවැසිය.
ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවල ආධාර ලබාගැනීමට අමතරව ඩොලර් බිලියන 2 ත් 3 ත් අතර ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වික්‍රමසිංහ මහතා පැවසීය.