ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
ඔහු කියුබාවේ හවානා නුවර 09/15 සිට 09/16 දින දක්වා පැවැත්වෙන ජී.- 77 රාජ්ය නායක සමුළුවට මුලින්ම සහභාගී වීමට නියමිතය .
ඉන් අනතුරුව 09/19 සිට 09/21 දින දක්වා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්ය නායක සමුළුව ඇමතීමට ද නියමිතය .
මේ සදහා එතුමා දූත පිරිසක් ද එක් වී සිටි අතර , ඔවුන් 09/13 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි . ඩුබායි සිට එතුමා ඇතුළු දූත පිරිස ඇමෙරිකාව බලා තවත් වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය.