ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය සිංගප්පූරු සහ ජපාන සංචාරය නිමාවට පත් කර ඊයේ (27දා) රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ප්රථමයෙන්ම සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඔහු ඇතුළු දූත පිරිස ජපානයේ පැවති " 28 වැනි ආසියාවේ අනාගතය " සමුළුවට සහභාගී වී තිබුණි .
ජනාධිපතිවරයා ඇතුළු පිරිස 05/27 දින රාත්රී 11.05 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .