ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ ෂාර්ම් අල් ෂෙයික් හි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී හෙට සිට18 දා තෙක් පැවැත්වීමට නියමිතව තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සමුළුවට සහභාගී වීම සදහා තවත් දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබේ. මෙම පිරිස 11/06 දින අලුයම 02.50 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. එතැන් සිට මොවුන් ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතය .