ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ - අපි හැප්පෙන්න ලෑස්තියි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් ව්‍යවස්ථාවෙන් පිටත කටයුතු නොකරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. " ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ. අපි හැප්පෙන්න ලෑස්තියි. මේක අමාරුකාලයක් බව අපි දන්නවා. සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටික විසඳනවා. 69 ලක්ෂයක් ජනපතිට අවුරුදු 5කටයි බලය දුන්නේ. ව්‍යවස්ථාවන් පිට වැඩ කරන්නේ නෑ. ජනතාව ඡන්දයකින් අපිව විපක්ෂයට යැව්වොත් අපි ඒක පිළිගන්නවා.
තැබිනට් එක ඉල්ලලා අස්වුනේ අපිට එකට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා අපේ ජනපතිතුමා හිතපු නිසා. අපිට ඉල්ලීමක් තිබුණා ඉල්ලා අස්වෙන්න එපා මේකට මුහුණ දෙන්න ඕන කියලා. සියලු දෙනා කැමැත්තෙන් ඉල්ලා අස්වුනේ නෑ. ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත තමයි අපි ඉල්ලා අස්වුණේ."
popular news
-
rocky Thursday, 07 April 2022 06:05 AM
Pansiya Panas Jaathaka Pothe ena "Sookara Jaathakaya " Kiyawanna !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

