ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපියට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් තවමත් නිශ්චිතව ප්රකාශ නොවේ.
ජුලි 13 දා තමින් එම ලිපිය සකස් කර තිබේ. රජයේ ඉහළම නිලධාරියෙක් මෙම ලිපිය කථානායකවරයාට භාරදීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව කථානායකරයා විසින් මේ බව රටට නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබේ.