මේ වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවි ආසන්න රටක රැදී සිටින බවත් ඔහු ලබන බදාදා වන විට ශ්රී ලංකාවට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. බීබීසී පුවත් සේවය සමග සාකච්ඡාවකට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය."මේ අවස්ථාවේදී ජනපතිවරයා රටින් පිටවී ආසන්න රටක රැදී සිටිනවා. බදාදා වන විට ඔහු ලංකාවේ සිටීවි. ඔහු 13 දා ඉල්ලා අස්වෙන බව මට කිව්වා."