ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා 09/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඔහු සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු ද ඇමෙරිකාව බලා පිටත්ව ගියහ .
ඔවුන් 09/22 දින රාත්‍රී 10.20 එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත යාමට නියමිතය .
මෙම සංචාරයෙන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානායක මහතා 09/27 දින ජපානයේ සංචාරයක් සදහා පිටත්ව යාමට සැළසුම් කර තිබේ .
