හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අද (11දා) ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිව ඇති හිමිකම් අවලංගු කිරීම සඳහා රජය මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි පවසමින් මෙය ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම්කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී ඇති හිමිකම් අවලංගු කිරීම සඳහා රජය පනත් කෙටුම්පතක් පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයිද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති එම පනත් කෙටුම්පතේ වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වන බව පවසන පෙත්සම්කාර රේණුක පෙරේරා මහතා යෝජිත පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවද සඳහන් කර ඇත.
එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයන් උල්ලංඝනය වන බව පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බවද සඳහන් කර ඇත.