ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනකු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.