ජනපතිවරණයත් නොතියා ඉන්නයි සූදානම - මහින්ද
වත්මන් ආණ්ඩුව ජනපතිවරණය නොපැවැත්වීමට සූදානම් වන බවත් එසේ කටයුතු කළහොත් අධිකරණයට යෑමට සූදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද (22දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ත්රස්තවාදයක් රටේ තියෙන අවස්ථාවක බෝම්බ පිපිරෙනවා. නමුත් ඒ කාලේ මේ විදිහට රට අස්ථාවර වුණේ නෑ. එදා ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ නායකත්වය ගැන ජනතාවට විශාල විශ්වාසයක් තිබුණා. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිහාසයේ කවදාවත් නොවූ බියක් ජනතාව තුළ ඇතිවුණා. අපි සියල්ලටම පෙර රටට මූලිකත්වය දිය යුතුයි. මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනහොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.
මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කළේ නෑ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කළේ ආරක්ෂක අංශ දුර්වල කරමින් විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත්‍රණය යොදා ගැනීමයි.
ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැනනම් කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුළුවන්. ජනාධිපතිවරණයත් පුළුවන්නම් නොතියා ඉන්නයි සූදානම. එවැනි තත්තවයක් ඇතිවුණොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ළංවෙද්දී පසුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිදු වෙන්න පුළුවන්.”

popular news
-
සිරිබිරිස් Wednesday, 22 May 2019 05:15 PM
ඔබතුමා අගමැතිව සිටි 2004 වර්ෂයේත් සමහරු ඔහොම කිව්වා.ඒවෙලාවේ ඕමල්පේ හාමුදුරුවෝ උසාවිගියා.උසාවි තීන්දුව අනුව 2005 ජනාධිපතිවරණය පවත්වන්න වුනා.ඡන්දදායකයින්ට ඒවා අමතක නැතුව ඇති.
Reply : 6 10
Champa Wednesday, 22 May 2019 06:21 PM
ඒව නම් කොහෙද? ජනාධිපතිවරණය නොතිබ්බොත් එහෙම මහා ජන කැළඹීමක් වෙනවා. මිනිස්සුන්ව control කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක උසාවි ගිහින් වැඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයත් දැන් ෂුවර් නැහැ. හැබැයි වහල් ආණ්ඩුව ජනාධිපති එක්ක එකතු වෙලා ජනාධිපතිවරණෙ කල් දානවට කැමති දේශපාලකයොත් විපක්ෂයේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ කකුල් තිබ්බට කඳ තියෙන්නේ ආණ්ඩුවේ. ජනාධිපතිවරයා ලෝකේ වටේ ගිහින් රනිල්ට නාස්ති කරන්න කෝටි ගණන් ණය අරන් එනවා. -- පළාත් සභා චන්ද අවශ්‍ය නැහැ. පළාත් සභා අහෝසි කරලාම දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. පළාත් සභා වලින් කරන්නේ කෝටි ගණන් වියදම් කරලා දේශපාලකයන් නඩත්තු කරන එක විතරයි. අනිත් එක එදා වගේම අදටත් පේන විදිහට දෙමල මුස්ලිම් ජාතිවාදයේ උල්පත පළාත් සභා.
Reply : 0 0
Koralage Wednesday, 22 May 2019 06:33 PM
ඔය කියන්නේ අගමැති ගැනද නැත්නම් ජනාධිපති ගැනද? මොකද රාජ්‍ය ආරක්ෂාව තියෙන්නේ ජනාධිපති අතේ නිසා හැබැයි ඉතින් පහුගිය කාලේ අගමැතිකම බලෙන් අන්ගේ ගැහුවා වෙලාවේ එයා ගැන මොකුත් කිව්වේ නැහැ නේද? අමතක කරන්න එපා ...මේ රටේ උගත් ජනතාව රවට්ටන්න ඔය දෙගොල්ලන්ටම පුළුවන් වෙන්නේ නැහැ
Reply : 0 0
Deepal Nirosh Thursday, 23 May 2019 09:59 AM
ඕක තමුන්නාන්සේට දැන් තේරුනාට ඔය සුදානම ආරම්භ වුනේ 2015 දී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

