ශක්තිමත් රාජ්‍ය පාලනයක් උදෙසා දූෂණ විරෝධී ක්‍රියාවලිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා සේම දූෂණයත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ප්රතිශතයක පවතින බැවින් මෙය ද නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පැන්ඩෝරා පත්‍රිකා හරහා හොරා කන ලද මුදල් සහ සම්පත් සම්බන්ධයෙන් කරුණු කාරණා අනාවරණය වූ බැවින් සමගි ජන බලවේග රජයක් තුළ හොරු අල්ලන නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් හොර ඇල්ලීම දේශපාලනඥයන්ගේ වගකීම නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස වෙනස් කල නොහැකි නීතියක් ලෙස රාජ්‍ය සම්පත් සොරා කෑමට විරුද්ධව ගන්නා නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනමම පරිච්ඡේදයක් තිබිය යුතු බවත් එය ඇති කිරීම දේශපාලනඥයන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ආදිය අදාළ අණ පනතින්ම ලැබිය යුතු බවත් එවිට එය දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ස්වාධින ආයතන ලෙස පවතින බවත් එවිට හොරකම් කරන ලද ධනය නැවත අත්පත් කර ගැනීම පහසු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (12) ගම්පහ වත්තල පැවැති සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහනට එක්වෙමිනි.
එසේම දේශපාලන ගජමිතුරුකම් තුළ සොරා ගත් ධනය නැවත ලබා ගත නොහැකි බවත් 2015 රජයේ පවා හොරු ඇල්ලීම ගැන කිව්වත් ඔවුන් පත් වූ පසු හොරු රැක්ක බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාටද ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකියාවක් තිබුනත් හොරුන්ගේ වරමක් යටතේ එවැනි ජනාධිපතිධුරයක් ලබා ගෙන හොරු ඇල්ලීම සිදු කළ නොහැකි නිසා එය බාර නොගත් බව යි.