2015ට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයේ රාජපක්ෂවරු තිදෙනෙක් සිටි බවත් අද වන විට එය පහක් දක්වා වැඩි වී ඇති බව හිටපු අමාත්යට විමල් වීරවංශ මහතා පැවැසීය.
පවුල් පාලනය පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී නැවත එවැනි චෝදනාවක් පටලවා නොගැනීමට රජය කටයුතු කළ යුතුව තිබුණ බවත් ඔහු පැවැසීය.
හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“2015 ජනවාරි 08 පැරදුනේ පවුල් පාලනේ කියලනේ ප්රැධාන චෝදනාව. ඒ චෝදනාව මත පැරඳුනාම නැවත බලයක් ලැබෙන කොට පරිස්සම් වෙන්නත් ඕන නැවත ඒ චෝදනාවට පටලවා නොගන්න විදිහට වැඩ කරන්නනේ.
අපි විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතනදී ඒ සැළකිමත් භාවය තියෙයි කියලා.
මහජනයා හිතන විදිහ ගැන ඉතා හොඳින් හිතයි කියලා. අන්තිමට වුණේ මොකක්ද? මහින්ද රාජපක්ෂ යුගයේ කැබිනට් මණ්ඩලයේ හිටියේ රාජපක්ෂවරු තුනයි.මේ පාර කැබිනට් මණ්ඩලයේ ඉන්නවා පහක්.
කැබිනට් මණ්ඩලයේම ඉන්නේ විසි ගාණයි. ඒකෙන් පහක් ඉන්නවා. ඒ පහත් නිකම් නෙමෙයි. ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනයක් ආවම නාමල්ටත් රාජ්‍ය ඇමතිකමක් හරි තව මොකක් හරි දෙනවා.
අධීක්ෂණ ඇමති කියලා මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක අවුල්. මම නාමල් නම් කියනවා එපා කියලා. ජනාධිපතිතුමාගේ සෙන්සර් එක අවුල්. එතුමාට ඒ වෙනකොට දැනෙන් නෑ ආන්ඩුව බාහිර පෙනුමයි මේ සවුත්තු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා. ඔක්කොම අධීක්ෂණය කරන්න මේ තරුණ නාමල් රාජපක්ෂ ඇමතිවරයට දෙනවා.
ඒක දැන හෝ නොදන නාමල් රාජපක්ෂ ඇමතිතුමා අමාරුවේ දාන වැඩක්. කොහොම වුණත් මේවා මෙහෙම වෙන්නේ මිනිස්සු හිතන විදිහ දන්නේ නෑ. එහෙම නැත්නම් මිනිස්සු හිතන විදිහ ප්‍රශ්ණයක් නෑ. ඕන දෙයක් හිතා ගත්තාවේ අපි අපේ තාලෙට වැඩ කරනවා කියලා හිතනවා ඇති.”
සම්පූර්ණ වැඩසටහන - https://www.youtube.com/watch?v=9giTCAQmQuA
