ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡා සඳහා එක් නොවන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනතාව විසින් බිත්තියට හේත්තුකළ රාජපක්ෂවරුන් නැවත කරළියට ගෙන ආවේත් අරගලය පාවාදුන්නේත් රනිල් වික්‍රමසිංහ මහතා යැයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.