ජනපතිට තියෙන්නේ 69 ලක්ෂයේ ජනවරම ඉදිරියට ගෙනියෑමයි
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ජනවරමක් නොමැති බවත් ඔහුට තිබෙන්නේ හැටනව ලක්ෂයේ ජනවරම ඉදිරියට ගෙන යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඇතුළු සංඝ සභාවට දැනුම් දුන්නේය.
ඊයේ (31දා) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් සුදත් ගුණසේකර, කල්‍යාණ තිරානගම, වසන්ත බණ්ඩාර , වෛද්‍ය කපිල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය . ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.
“ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන්නේ විධායක ජනාධිපතිවරයා පත් කළ යුත්තේ ජනතාවසින් කියලයි. නමුත් මේ ජනාධිපතිවරයා පත් පත්කර තිබෙන්නේ මන්ත්‍රීවරුන් විසිනුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය දුන් හැට නවලක්ෂයක් ජනතාවගේ අභිලාෂය වූයේ රට නොබෙදා ඒකීයභාවය ආරක්ෂා කිරීමයි. එම ජනවරම දී තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි . ඉන්දියාවට කිසිම අයිතියක් නැහැ අපේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගසන්න.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව විසින් අපිට බලෙන් පටවපු දෙයක්. එය ජනතාව අනුමත කළ දෙයක් නෙවෙයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපගේ ඒකීය රට කෑලි නමයකට කැඩුනා. ජේ ආර් ජයවර්ධන පවා යම් බාධක පනවලයි 13 ක්‍රියාත්මක කළේ. ඉඩම් බලතල, පොලිස් බලතල, දුන්නේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයාට ඉහළින් මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුකාරවරයෙකු පත් කළා.
රටේ ඒකීයභාවය රැක ගැනීම සඳහා විශාල පිරිසක් දිවිපුදා තිබෙනවා. තවත් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් වී සිටිනවා. එසේ රැක ගත්ත රට තැටියක දමා 13 සම්පූර්ණයෙන් බලාත්මක කොට රට සම්පූර්ණයෙන් ෆෙඩරල් කිරීමට ඉඩ දෙනවද කියන ප්රශ්නය ඇසිය යුතුයි.
දෙමළ ජනතාවගෙන් සියයට පනහකට වැඩිය සිටින්නේ කොළඹ සිංහල සහ මුස්ලිම් ජනතාව සමඟයි. මෙය දෙමළ ජනතාවට අවශ්‍ය දෙයක් නොවෙයි. මෙය අවශ්‍ය වී තිබෙන්නේ බෙදුම්වාදී සිංහල සහ දෙමළ දේශපාලනඥයන්ටයි. ජනවාර්ගික ආකාරයට අපගේ පළාත් බෙදීම සිදු නොකළ යුතුයි.”
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Tuesday, 31 January 2023 04:49 PM
69 lakshayakata ranil epa welaa chandey dunney gotata neda. labana chandeyen 69 lakshayakage chandaya labeyi kiyala hithenawada. Oyagollo inney amuthu lokayaka.
Reply : 0 0
CITIZEN Wednesday, 01 February 2023 03:46 AM
BAMBUWA
Reply : 0 0
Rocky Wednesday, 01 February 2023 06:08 AM
Idiriyata yana bawa nam penenawa. Eth, Aapassata herila ne !!
Reply : 0 0
visnu Wednesday, 01 February 2023 08:52 AM
This fellow suitable to transport Jangi only. There must be solution to the national problem without that no devolopment. Otherwise there will be division of this country. Think what international community expect.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

