ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තිමය වශයෙන් පරස්පරතා තිබුණත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සමග සන්ධානගතව සිටින බවත් ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සහාය ලබා දුන්නා සේම යම් හෙයකින් ඔහු රටට අහිතකර තීන්දුවක් ගන්නේ නම් එම අවස්ථාවේ පක්ෂයක් ලෙස දෙවරක් නොසිතා ඊට එරෙහි වන බවහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාපවසයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (13)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාතදුම්බර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි .
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අරගලය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරය හැර යද්දි පවතින අභියෝගයන්ට මුහුණ දෙන අතරතුර ජාත්‍යන්තරය හා සාකච්ඡා කර රටේ ආර්ථිකය ද ස්ථාවරත්වයකට ගෙන ඒමට හැකියාව ඇති අයකු ජනාධිපති ධුරයට පත්කර ගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකට පැමිණි බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කළේ ඒ අනුව බවත්ය .
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මේ රටේ ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් ලෙස ඡන්දය ලබා දී පාර්ලිමේන්තුවට එවා තිබෙන මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්තෙන් රටේ ව්‍යවස්ථාවට අනුකූලව බව දරාජපක්ෂ මහතා පැවසීය .
ඉදිරියේදී පොදුජන පෙරමුණ කේන්ද්‍ර කර ගනිමින් බිහි කරන ආණ්ඩුවක් මගින් මේ රටේ තරුණයින් අපේක්ෂා කරන රට බිහිකරන්න හැකිවේ යැයි තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය .
සමාජ මාධ්‍ය කිසියම් වූ විනයක් ඇතිව හැසිරවිය යුතු බවත් ඒ සඳහා කිසියම් නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව පක්ෂයක් ලෙස පිළිගන්නා බවත්පැවසූ මන්ත්රීවරයාමාධ්ය නිදහස ලෙසම සමාජයේ එක් එක් පුද්ගලයාගේ නිදහස ද වැදගත් බවත් පෞද්ගලික කාරණා මුල් කරගෙන අසත්‍ය දේ සමාජ මාධ්‍යට මුදා හැරීමෙන් සිදුවන හානිය ගැන ද සියලු දෙනා කල්පනා කළ යුතු බවත්පැවසීය .
විදුලි බිලක් නොගෙවීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතු වූ බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙනලෙස විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබෙන බවත්පැවසූ නාමල් රාජපක්ෂ මහතාඑවැනි බිලක් ලැබුණොත් ගෙවීමට ඇති මුදල ගෙවීමට තමන් සූදානම් යැයි ද අවධාරණය කළේය.