ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
ප්රජාතන්ත්රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවද ඔහු පැවැසීය. නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බවත් මැතිවරණ කාලසීමා තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද ඔහු පැවැසීය.