ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඓරහිව අප්රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන විත් තිබේ. මෙම යෝජනාව එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් එය සිදුවන්නේ එදින රැස්වෙන පාර්ලිමේන්තුවේදී විශේෂ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් වන තීරණය අද (12දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගෙන තිබේ.