තනි පුද්ගලයෙකුගේ සිතැගි පරිදි ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව යටපත් කරමින් කටයුතු සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චෝදනාවක් ඉදිරිපත් කරමින් පැවැසිය. ඒ අනුව ජනපතිවරයා ඡන්දය නොතියන අරමුණින් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවැසීය.
එසේම පාර්ලිමේන්තුවට පැමිණෙන මුවාවෙන් ජනපතිවරයා පාර්ලිමේන්තුව යටපත් කර ගැනීමේ උත්සායක නිරත වන්නේදැයි සැකයක් පවතින බවත් ජනපතිවරයා පාර්ලිමේන්ත කටයුතු වලට මැදිහත්වෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.