රට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මහනුවරදී පැවසීය .
එසේම පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පත් පත්කළ ඇමතිවරු පහළොස් දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් පිහිටවිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඔහු ඒ බව අවධාරණය කර සිටියේ රටේ පවතිනආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර තිබෙන කරුණු 13 කින් සමන්විත යෝජනාවලිය මල්වතු අස්ගිරි උභය මහ විහාරිය මහා මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගැන්වීමෙන් අනතුරුව අද (03දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා වරලත් ගණකාධිකාරි ආයතනය නියෝජනය කරමින් ද පිරිසක් සහභාගි වී සිටියහ . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
මේ රටේ සියලු දේශපාලනඥයින්ගෙන් අපි බලාපොරොත්තු වෙනවාමේ මොහොතේ රාජතාන්ත්‍රික ලෙස කටයුතු කරයි කියා .
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර වහාම දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න ඕන කියන එක අපේ එක් යෝජනාවක් . ඇමතිවරු පහළොස් දෙනෙකුගෙන් සමන්විත ජාතික ආණ්ඩුවක් කඩිනමින් ගොඩනැගිය යුතු අතර එහි අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල එකඟතාව ඇති කරගන්න පුළුවන් පුළුවන් පුද්ගලයායි. ඇමති මණ්ඩලයට උපදෙස් දෙන්න 15දෙනෙකුගෙන් සමන්විත විද්වත් උපදේශක සභාවක් අප යෝජනා කරනවා . විධායක ජනාධිපති ක්‍රමය නිශ්චිත කාලයකදී අවසන් කළ යුතුයි . මාස 06 තුළ අවශ්‍ය කරන නීති ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනා . උපරිමයෙන් මාස 15 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අපේ අදහසයි.
විශ්වාසභංග යෝජනාව සම්මත වුණත් නැතත් අපි යෝජනා කරන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න කියලයි . විශ්වාස විශ්වාසභංග යෝජනාව සම්මත වුණත් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ හැකියි . රටේ ආර්ථිකය වැටී තිබෙන තත්ත්වය සම්බන්ධව ගොඩක් දෙනකුට නිසි අවබෝධයක් නැති බවයි පෙනී යන්නේ . එම නිසා ඉතා ඉක්මනින් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා . දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථික ස්ථාවර භාවයක් ඇති කර ගන්න විදිහක් නැහැ . මේ රටේ ජනතාව සාධාරණ ලෙස උද්ඝෝෂණ කරන්නේ ඒ අයට තිබෙන ප්‍රශ්න නිසයි . ඒ විසම්මුති අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි ඒකට ඇහුම්කන් දෙන්නත් ඕනෑ . එහෙම වුනොත් තමා මේ අර්බුදය විසඳන්න පුළුවන්වෙන්නේ . අණ්ඩුක්රම ව්‍යවස්ථා රාමුව තුළ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපි යෝජනා කරන්නේ . මෙහි තිබෙන කරුණු සලකා බලා පවතින බරපතළ ක්‍රම තේරුම්ගන්න කියා අප හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා .
අවසන් වශයෙන් සියලු බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිනවා මිනිසුන්ට වාසිදායක දෙයක් කෙරෙන්න ඕනෑ කියලා .ජනතාව තවත් අසීරු තත්ත්වයට පත්කිරීමට හැකියාවක් නැහැ .
ෂේන් සෙනෙවිරත්න

