ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ නිල විදෙස් සංචාරය ලෙස ජර්මනියේ සංචාරය එළැඹෙන 10 දා ආරම්භ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පැවැති වැඩසටහනකදී විදේශ අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේය.
ජනපතිවරයා පළමු සංචාරය ලෙස ඉන්දියාවත්, ඉන් අනතුරුව චීනයේත් සංචාරය කළේය. පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වූ ජනපතිවරයාගේ පළමු යුරෝපා සංචාරය වන්නේද ජර්මනියේ සිදු කිරීමට නියමිත මෙම නිල සංචාරයයි.
භානුක අමරසිංහ