ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙනයනජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන්වහන්සේ අද (13දා) සවස මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව පැවසූහ.
“2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවාගෙන සිදු කිරීමට සැරසුන ක්‍රියාවන් නැවැත්වීමටයි හැට නව ලක්ෂයක් ඡන්ද වලින් 2019 වසරේ දී ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළේ .
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා කුරුන්දි විහාරයට මෙතරම් ඉඩම් ප්‍රමාණයක් කොහෙන්ද මහා විහාර වලටවත් මෙතරම් ඉඩම් ප්‍රමාණයක් නැහැ කියලා. ජනාධිපතිවරයා කොහොමද ඒක තීරණය කරන්නේ. පුරාවස්තු විසිරී තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි එය තීරණය විය යුත්තේ. ජනාධිපතිවරයා කියන ඔය මහා විහාරයට අක්කර දහස් ගණනක් තිබෙනවා. ඊට අනුපාතයක් හැටියට අනෙක් විහාර කුඩා විය යුතුයි කියා ජනාධිපතිවරයාට තීරණය කළ නොහැකියි.
මේ ඉඩකඩම් උතුරු නැගනහිර ඡන්ද බලාගෙන බෙදුම්වාදීන්ට කප්පම් වශයෙන් දීමට අපි ඉඩකඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරයා පසුගියදා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පසකින් තබාගෙන ඉතාමත් වැරදි ප්‍රකාශයක් කරමින් පුරාවිද්‍යාත්මක උරුමයන් ඇති ස්ථාන සංරක්ෂණය කිරීමේ දී පෞද්ගලික ධන පරිත්‍යාග භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබුණා.
නමුත් මෙරට බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වන තුරු යොදාගෙන ඇත්තේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. රජයේ ප්‍රතිපාදන ලබාගෙන මේවා සංවර්ධනය කිරීමට බලා සිටිය හොත් එය කිසිදා සිදු නොවන දෙයක්.
බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට ගොඩනගන ලද ගිරිහඬු සෑය ජනාධිපතිවරයා විසින් හැඳින්වූයේ ප්‍රදීපාගාරයක් වශයෙනුයි. ජනාධිපතිවරයාට එය ප්‍රදීපාගාරයක් උනාට එය බෞද්ධයන්ටඉතා වැදගත් ස්ථානයක්”