ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිකුත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන මෙන් ඉල්ලා සිටින බවද එම මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.