ජනපතිගේ ධූර කාලයෙන් සියයට 10 ක් නාස්ති වුණා
මැතිවරණය කල් දැමීම හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම හේතුවෙන් ඔහුගේ ධුර කාලයෙන් සියයට 10 ක කාලයක් නාස්ති වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60කට. දැන් එතුමාගේ ධූර කාලයෙන් 10%ක් ඉවරයි. මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් 10%ක් නාස්ති වුණා.
රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.
ඒ නිසා ජනාධිපති තුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකල යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.”
popular news
-
Champa Monday, 08 June 2020 04:49 PM
නටන්න බැරි වුනහම පොලොව ඇදයි කිව්වලු. අන්න වැඩ කරන විරුවා වැඩ පෙන්නලා තියෙනව ගල්කිස්සේ ස්වාභාවික වෙරළ විනාශ කරලා කුණු ටොන් ගානක් වෙරළට දාල ඊට උඩින් වැලි දාල වහල වෙරළ පෝෂණය කළා කියල. මිලියන් 890ක ව්‍යාපෘතියක්. මිස්ට ටෙන් පර්සෙන්ට් සහ අතිගරු ටෙන් පර්සෙන්ට්ගේ වැඩ. ඕක වහල් ආණ්ඩුව කළා නම් අද මේ ගොල්ලෝ ඔක්කොම වෙරළේ සටන් පාඨ කියනව අහන්න තිබුන. මැද පෙරදිග ශ්‍රමිකයෝ වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් නැහැ. ගිය ආණ්ඩුව අදහස් ප්‍රකාශ කරන්න දීල තිබ්බ අසීමිත නිදහස හින්ද බලයට ආපු ජනාධිපති ඉස්සෙල්ලම කලේ තමන්ට බලයට එන්න ඉඩ හදල දීපු දේශපාලන සගයන්ගේ කටවල් වහපු එක. කට අරින්න පුළුවන් හොඳ කියන්න විතරයි. ඔබ බලයට ගෙනල්ල තියෙන්නේ අධි හීනමානයෙන් පෙලෙන පුද්ගලයෙක්. එවන් පුද්ගලයන් ප්‍රතික්‍රිය දක්වන විදිහවල් දෙකක් තියෙනව. එකක් එක්කෝ නිවටයෙක් වගේ ඉන්නවා. නැත්නම් බලය පාවිච්චි කරලා අනිකව මර්දනය කරනවා.
Reply : 0 0
Puppa Monday, 08 June 2020 05:52 PM
ඔහේගේ uga පුරුෂය හාල් මාෆියාව. ඉස්සහරහ වැඩ බැරි ටාසන් උන
Reply : 0 0
Ex Pohottuwa Monday, 08 June 2020 10:49 PM
ජනදිපතිට 10% කාලය දිග කරමු. ශේස්ට්රදිකර්ණය අනුමත කරවී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

