මෙතෙක් සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පාලනය වූ තඹුත්තේගම කොට්ඨාසය සඳහා නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.සී.කේ.චන්දන කන්දේ වත්ත මහතා පත්කර තිබේ.
චාම් උත්සවයකින් පසු චන්දන කන්දෙවත්ත මහතා තඹුත්තේගම ප්‍රථම කොට්ඨාස භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ වැඩ භාර ගැනීම 26 දා පෙරවරුවේ තඹුත්තේගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලියේදී සිදු කෙරුණි.
ෙඅනුරාධපුර කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා යටතේ පාලනය වූ තඹුත්තේගම කොට්ඨාශය අද දින සිට නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවයකු යටතේ පාලනය වෙයි.
අනුරාධපුර කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පාලනය වූ සහකාර පොලිස් අධිකාරී සුසන්ත කුමාර මහතා 25 දිනසිට ස්ථාන මරුවක් හෙතුවෙන් කොළඹ ප්‍රදේශයේ රාජකාරි කටයුතු බාරගෙන තිබේ.
තඹුත්තේගම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ගම් පළාතයි.
තඹුත්තේගම - -බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති