යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනවීමට තීරණය කිරීමත් සමගින් ජනපතිවරයාගේ ආරාධනාව මත ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර හමුව ඊයේ පැවැතියේය.