ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයකට එක්වීමට නියමිත අතර ඊට පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලි බල ජාල සම්බන්ධතාව ඇතිකර ගැනීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා දින තුනක නිල සංචාරයක් සඳහා ජූලි 20 වැනිදා ඉන්දියාවට යාමට නියමිතය. පසුගිය වසරේ ඔහු ජනපති ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.
යෝජිත ජාල සම්බන්ධතාවය ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන පියවරකි. මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ දෙරටේ ජාතික විදුලිබල පද්ධතිය 2030 වන විට සම්බන්ධ කරන බවයි.
ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය. ඉන්දියාව දැනටමත් බලශක්ති ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇත.
කැළුම් බණ්ඩාර