ජනපතිගේ ඉන්දීය සංචාරයට දූත මණ්ඩලයේ 8යි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.
ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනා ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 29 දා සිය ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් 01 දා ඔහු යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.
Daily Ft ඇසුරෙනි

popular news
-
රජින්ද Sunday, 24 November 2019 01:10 PM
මේ රටේ ප්රබුද්ධ ජන්දදායකයා දන්නවා ඇමතිවරුන්ට වඩා මේ රට ගොඩ දාන්න ක්ෂේස්ත්‍රය ගැන නිසි අවබෝධය ඇත්තේ අමාත්‍යංශ නිලධාරීන්ට බව. ඒ නිසා ජනාධිපතිතුමා මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ අවශ්‍යම පොයින්ට් එකට අත ගසා තිබීම අගය කල යුතුමයි.
Reply : 0 0
Champa Sunday, 24 November 2019 05:37 PM
මෙහෙම තමයි පටන් ගන්නේ. හැබැයි පස්සේ වෙනස් වෙන බව දැම්මම පෙන්නලා තියෙනව. ඉස්සෙල්ල ගෝඨාභය කිව්වහම ඇමතිවරු 15යි කියල රටම සතුටු වුන. හැබැයි දැන් කියනව රාජ්‍ය ඇමතිවරු දුව්රුම් දෙනවලු. එක අතකින් භාරකාර ආණ්ඩුවකට මොකොටද රාජ්‍ය ඇමතිවරු? අනිත් අතින්, අත්දැකීමෙන් කියන්නේ, ලංකාවේ අමාත්‍යංශවලට ඇමතිවරු විතරක් ඇති. නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිවරු අවශ්‍ය නැහැ. ඒ මොකොද කිව්වා නම්, ඔවුන්ට කරන්න තරම් වැඩක් නැති නිසා. ඉතුරු මන්ත්‍රීවරු කරන්න ඕනේ තමන්ගේ ආසන වල හෝ දිස්ත්‍රික්ක වල ජනතාවට සේවය කරන එක. ඔවුන්ගේ ප්‍රශ්න අදාළ ඇමතිට බැරි නම් අගමැතිට සහ ජනාධිපතිට කියල ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක. ඔවුන්ට මහජන නියෝජිතයන් කියල කියන්නේ ඒකයි. මිනිස්සු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරලා යවන්නේ තමන්ගේ ප්‍රදේශය නියෝජනය කරන්න. ඔවුන්ට මහජනය පඩි ගෙවන්නේ ඒකට. ඔවුන් තමන්ගේ වගකීම හරියට ඉටු නොකරන නිසා තමයි මිනිස්සුන්ට හැම දේටම උද්ඝෝෂණ කරන්න වෙලා තියෙන්නේ. නැත්නම් ජනාධිපතිට කියන්න වෙලා තියෙන්නේ.
Reply : 0 0
Devinda Uduwara Sunday, 24 November 2019 06:22 PM
Aluth koss hondin arthuganawai kiyala kiyamanak thibenawa.
Reply : 0 0
Chathuri Sunday, 24 November 2019 10:58 PM
මයිත්‍රී කෙරුවේ එක දෙයයි ඒ ජනදිපතිගේ අත්‍යවශ්‍ය මුදල් කපා හැර ලොකු මුදලක්. රජයට ඉතිරි කර පෙන්නුවා ,රටේ ජනතාවගේ ,තබ සතයක් මංකොල්ල කාවේ නැහැ ඒ දේවල් වෙන කිසි කෙනකුගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ , රාජපක්ෂලා පැරදිලා ගියේ මුදල් දේපල වංචා නිසා , අදිකරනයේත් ඔප්පු කරලා පෙන්නුවා , ඒ නඩු නිශ්ප්‍රබහ කෙරුව , කලින් වුන වැරදි වලට තමයි දැන් , මේ විදියට වැඩකරලා , හරි මග යන්න හදන්නේ , නමුත් මහින්ද එකහෙලා විරුද්ද වෙනවා. යහමග ගියොත් , මහින්දයි ,බිරිදයි ,වැටුන වලේ ,මේ දෙන්නත්. නුදුරේම ඒ වලට වට්ටන්න කකුලෙන් අදියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

