ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය අද(13දා) දිනයේ ලැබුණු පසු ඒ සම්බන්ධයේ ප්‍රකාශයක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් අදාල ලිපිය ඊයේ(12දා) රාත්‍රිය වනතෙක් තමාට නොලැබුණු බව අද පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා කථානායකවරයා පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වීම ඇතුලු පක්ෂ නායකයන් තීරණය කළ යෝජනා 4ක් සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා 03ක් ඇතුලත් ලිපියක් කථානායකවරයා විසින් එදින ජනාධිපතිවරයාට යොමු කළේය.
එම ලිපියට පිළිතුරු ලෙස අද (13දා) දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා විසින් තමාට දුරකතනය ඔස්සේ දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මාධ්‍ය වෙත සඳහන් කළේය.