මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙවර ඡන්ද පත්‍රිකාව දීර්ඝ වීම ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බව ඔහු මීට පෙර සඳහන් කළේය.
එසේම මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පෙට්ටියකට දැමීමට හැකිවන උපරිම ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 400-425ක් අතර ගණනක් බවත් ඔහු අද සඳහන් කළේය.
