ජනපතිවරණයට අපි නියම අශ්වයෙකු ඉදිරිපත් කරනවා
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනිම පිළිබඳව මත දෙකක සිටින්නේ ඔවුන්ට එම ගැටලුව විසදා ගැනිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති නිසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා නියම අශ්වයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ගන්නවා යැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් කිහිපයක් ජනතා අයිතියට පත් කිරිමේ හා කෘෂි උපකරණ ගොවිජනතාවට ලබාදීම සඳහා (13) වන දින පැවති උත්සවයට එක්වෙමින්ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා,
පසුගිය මාස දෙකක කාලයක් රට අස්ථාවරව පැවතුනා අපි කරගෙන ආ සංවර්ධන කාර්යන් ඇණ හිටියා ජනතාවට ලබාදිමට තිබු ප්‍රතිලාභයි නැතිවුණේ .ගම්පෙරළිය වැව් අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු එම දේශපාලන අස්ථාවර සමයේදී සිදු කෙරුනේ නෑ. නමුත් අද වනවිට එම නැවතුණ සංවර්ධනය වේගවත්ව දෙගුණ තෙගුණ ගුණයකින් සිදු කිරිමට අපට හැකිවි තිබෙනවා.
ඉදිරි මාස තුන තුළ එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 3000ක් ලබාදිමට රජය කටයුතු කර තිබෙනවා. සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් ලක්ෂ 20ක පමණ සංවර්ධන කාර්යන් ඒ තුළින් සිදු කළ හැකියි. අපි ඒ සඳහා සුදානම් විය යුතුයි. ඒ වගේම රැකිරක්ෂා ගැටලු සඳහා විසදුම් ලබාදිමටත් කටයුතු කර තිබෙනවා . මේ එන්නේ ජනතාව සඳහා සහන ලබාදෙන යුගයක් වගේම මාර්තු (05) ඉදිරිපත් කරන අයවැය ජනතාවාදි අයවැයක් බව කිව යුතුයි.

popular news
-
Thusman Monday, 14 January 2019 05:37 PM
මේ වසන්ත අලුවිහාරේ කියන්නේ තමන් ගේ සහොදරයාටවත් නැතී කෙනෙක්.ජොබ් දෙනවා කියලා මිනිසුන්ගෙන් සලල්ලී ගට්ටා
Reply : 0 3
මුණසිංහ Tuesday, 15 January 2019 05:43 PM
කවුරු ඉදිරිපත් කලත් ඡන්දය දෙන්නේ අපි ෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

