ජනාධිපතිවරණය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නියත ජයක් ලබනවා -වජිර
ජනාධිපතිවරණයෙන් ගාල්ල මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 20,000ක ජයග්‍රහණයක් ලබාගන්නා බවත් ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට නියත ජයග්‍රහණයක් හිමි කරදීම සඳහා ඔබ සියලු දෙනාටම නායකත්වය ලබාදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගාල්ල, උළුවිටිකේ කාර්යාලයේදී ඊයේ (05) පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ ජනාධිපතිවරණ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දකුණු පළාතේ ඉහළම ජයග්‍රහණය ගාල්ලෙන් ලබාදෙනවා. ගාල්ලට සුවිශේෂ සැලකිලි ලබාගන්න තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ ඒදඬු 300ක් තියෙන දිස්ත්‍රික්කයක්. කුමන හේතුවක් නිසා වෙනත් පක්ෂයකට ඡන්දය දෙනවද මම දන්නේ නැහැ. ප්‍රාදේශීය සභා පෙහොට්ටුවේ තිබුණත් සියල්ලටම සල්ලි දීල තියෙනවා. නැත්නම් ගාල්ලේ අනාගතය කඩා වැටෙනවා. ලංකා ඉතිහාසයේ සියලු වෙහෙර විහාරස්ථානවලට සියලු ආගමික ස්ථානවලට උදවු කළ යුගයක් තිබිල නැහැ. අද හඬක් නැති සියලු බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් දේවස්ථානවලට සල්ලිදීල තියෙනවා.
ඒ රනිල් වික්‍රමසිංහ යුගය. අපේ පක්ෂයේ මතවාද, අදහස්, යෝජනා මාස ගණනක් සලකා බලා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බවට එතුමා අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු කරනවා බලන්න අපේ පක්ෂයට කොච්චර විනයක් තියෙනවද කියලා එයට විරුද්ධව කිසිවකු ප්‍රකාශ කළේ නැහැ. මේ එක්සත් ජාතික පක්ෂය මෙහි කණ්ඩායම් නැහැ. කල්ලි නැහැ. දැන් ඔක්කොම එකට එකතු වෙලා ජයග්‍රහණය කරන්න තීන්දු කරල තියෙනවා. මගේ ඡන්දයකට වඩා ඉතාම ශක්තිමත් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කළ යුතු බව මම ඔබට මතක් කරන්න කැමතියි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
මුණසිංහ Sunday, 06 October 2019 08:20 PM
බම්බුව තමයි. සජිත්ට නෙවෙයි මෙයාටත් ඊළග සැරේ දිනන්න පුලුවන් වේද ෂුවර් නැහැ. මෙයාගේ කතාව කලින් ගාල්ලෙ මන්ත්‍රි කෙනෙක් වෙලාවත් හිටියෙ නෑ වගේ. මෙයා ගාල්ලෙ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකත් අයින් කරන්න ගියේ.
Reply : 0 0
කපිල Sunday, 06 October 2019 10:55 PM
හික්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
