ජනතා සේවය අඩපණ කරන්න ඉඩ දෙන්න එපා
ජනතා සේවය අඩපණ කරන්න එපා කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මහජන නියෝජිතයන් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවකදි මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අර්ථ සාධක අරමුදලෙන් බදු අය කිරීමේ අදහසක් රජයට නැති බවයි. අනවශ්‍ය වියදම්, නාස්තිය හා දූෂණය අවම කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. තාක්ෂණය ආශ්රිත රැකියාවලින් මේ වනවිට බිලියන එකයි දශම දෙකක පමණ ආදායමක් මෙරටට හිමි වන බවත් ඔහු අවධාරණය කළේය.
වෙනත් රටවලින් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවක් පවතින බැවින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
popular news
-
Gamini Wednesday, 21 July 2021 07:34 PM
Ane meyage AdaPana AKA PadaAna....Kawda me ana ahanne. Americaven awilla methana bana kiyanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

