ඉන්ධන බෙදා හැරීම සඳහා ජනතා සහයෝගයක් නොලැබුනහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා විසින් අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය.
එහිදි ඔහු අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ රාත්‍රි 10ට සේවා කටයුතු අවසන් කිරීමට නියමිත ඉන්ධන පිරවුම්හල් අළුයම 2 දක්වා ඉන්ධන බෙදා දීමෙන් පවුම පොලීසියට සහ හමුදාවට අවනත නොවී පොලිමේ සිටි අයවලුන් විසින් තර්ජනය කර බියගන්වා බලහත්කාරයෙන් අළුයම තුනහමාර දක්වා තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුකරවාගෙන ඇති බවයි.
මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔවුන්ට සේවාව පවත්වාගෙන යා නොහැකි බවත් එම නිසා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පැවසීමය ඇත්තේ තමන්ගේ ප්‍රදේශයේ පවතින ඉන්ධන පිරවුම්හල තමන්ගේ පිරවුම්හලක් සේ සලකා අදාල සේවකයන්ට ආරක්ෂාව ලබා දෙමින් කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.