ජනතාවතු සංවර්ධන මණ්ඩලය නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබු වාහන 786ක් මණ්ඩලය සතුව නොමැති බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමින් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ වහාන 832ක් ලියාපදිංචිවි ඇත. එමෙන්ම මණ්ඩලය විසින් දැනට භාවිතාකරණු ලබන වාහන 46ක් ජනතාවතු සංවර්ධන මණ්ඩලය නමින් 2024 වර්ෂය අවසන්වනවිටත් ලියාපදිංචිකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම මණ්ඩලය විසින් භාවිත කරණු ලබන වාහන 17න් වාහන 07ක් 2025 වර්ෂයේ අගෝස්තු මස31 දින වනවිටත් අලුත්වැඩියාකළ යුතු තත්ත්වයේ පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ.
ජනතාවතු සංවර්ධන මණ්ඩලයට අයත් වාහන හදුනාගතයුතු අතර අලුත් වැඩියා තත්ත්වයේ පවතින වාහන අලුත්වැඩියා කිරිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ජනතාවතු සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළ ගනුදෙනු පිළිබද වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත..