ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් CB 2865 රථය හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් අයතා පරිහරණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළිකිරීමක් කළේය.
එම අමාත්‍යවරුන් විසින් ඩිෆෙන්ඩර් රථය නැවත ලබාදීමේදී එහි තිබූ මුල් උපාංග ගලවා ඉවත් කර වෙනත් උපාංග සවි කිරීම හෝ ගලවා ඉවත් කිරීම සිදුකර ඇති බවට මෙහිදී හෙළි කළේය.
මෙහිදි වාහනයේ එංජිම ගලවා අබලන් එංජිමක් සවිකර ඇති අතර, පනගන්වන මෝටරය ගලවා ඉවත් කර ඇති ඇත. එසේම රථයේ ඩෑෂ් බෝඩය, වාහනයේ අමතර රෝද, ඉන්ධන ටැංකියේ අමතර කොටස්ද ඉවත් කර නැවත ජනතා වතු සංවර්ධන මණ්ඩලයට භාර දි ඇති බව අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළි කළේය.
කොමන් වෙල්ත් ක්‍රීඩාව ලබා ගැනීම සඳහා CWG හම්බන්තොට නම් සමාගමක් පිහිටුවා විවිධ ආධාරකරුවන්ගෙන් මුදල් ලබා ගනිමින් සිදුකල මුදල් වංචාව
අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂයක්, ක්‍රීඩා අමාතශාංශය මිලියන 100ක්, එක්ස්පෝට් ඩිවලොප්මන්ට් බොර්ඩ් මිලියන 08ක්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මිලියන 10ක්, සම්පත් බැංකුව මිලියන 05ක්, ලංකා ඔරෙක්ස් ලීසිං සමාගම මිලියන 10ක්, ඩී.එන්.ඒ ෆයිනෑන්ස් ආයතනය මිලියන 35ක්, හම්බන්තොට නැෂනල් බෑන්ක් මිලියන 25ක්, මොබිටෙල් සමාගම මිලියන 05ක් සී.අයි.සී සමාගම මිලියන 03ක්, සොෆ්ට්ලොජික් සමාගම මිලියන 10ක් ජානක රත්නායක 19,000කට ආසන්න මුදලක් ද ලංකා ඔරෙක්ස් ලීසිං නැවත මිලියන 10ක්, බ්‍රවුන්ස් සමාගම මිලියන 10ක්, ඩී.එෆ්.සී.සී මිලියන 10ක් එන්.ඩී.බී මිලියන 15ක් ආදි ලෙස මෙරට ප්‍රධාන සමාගම් සහ රජයේ ආයතන මෙම කොමන් වෙල්ත් සමාගම වෙත මුදල් යොදවා ඇති අතර එහි සමස්ත එකතුව රුපියල් මිලියන 688ක් බවත් අද වන තෙක් මේ මුදල් වලට සිදුවූයේ කුමක්ද යන්න කොතැන හෝ සඳහන්ව නැතැයිද ඔහු පැවසීය.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලිකරණය කිරීමේදි සිදුවු අක්රමිකතාව
ඇඹිලිපිටිය කඩදාසි කම්හල පෞද්ගලීකරණය කරන ලද අවස්ථාවේදී එහි ඉඩම සහ යන්ත්‍ර සූත්‍ර උගස් කර බැංකුවකින් ණය මුදලක් කබා ගෙන ඇති අතර පසුව ආයෝකයා පැන යාමෙන් අනතුරුව ඉඩම සහ යන්ත්‍ර සූත්‍ර සහ සියලු උපකරණ බැංකුව වෙත සින්නවී ඇති බවත් හෙලිදරව් කරනු ලැබීය.
සීනි බදු වංචාව
සිනි බදු අඩු කිරීම තුලින් ආණ්ඩුවට අහිමි වූ මුදල ආසන්න වශයෙන් මිලියන 16,000ක් ලෙස ඇස්තමේන්තු ගත වී ඇති බවත් මෑතකදී විගණන දෙපාර්තමේන්තුව විසින් ද මේ සම්බන්ධව හෙලිදරව් කර තිබුණි.
ෆාම් ඔයිල් පිලිබඳ ගනුදෙනු
ෆාම් ඔයිල් ආනයනයේදී බදු අයකරගැනීමක් සිදුකරනු ලබන අතර ඒ සඳහා බදු අයකරනු ලබන්නේ එම භාන්ඩය අයත් HS කාණ්ඩය යටතේ වන අතර දීර්ඝ කාලයක් මෙම ෆාම් ඔයිල් ආනයනය කිරීමේදි මෙම බදු අයකර ඇත්තේ 1511.01 0 යටතේ නිෂ්කාශනය කර ඇති අතර මේ සඳහා අයකරන බද්ද අඩු වටිනාකමක් අයකරනු ලබන අතර ලංකාවේ ප්‍රමිති ආයතන එම ඔයිල් ලංකාවට ආනයනය කරන ලද HS කාණ්ඩය සොයාගත් ගැනීමක් කර ඇත.
එහිදි එම HS කාණ්ඩය අයත් වනුයේ 11 511.9 0. 9 0 යටතේ වන අතර වන අතර මේ යටතේ නිශ්කාශනය කරනු ලැබ ඇති අතර එම කාණ්ඩය යටතේ නිශ්කාශනය කරන ලද භාන්ඩ සඳහා අයකරන බද්ද වැඩි වටිනාකමක් හේතුවෙන් මෙම කෝඩ් අංක මාරු කර වැරදි කාණ්ඩය යටතේ ෆාම් ඔයිල් ලංකාවට ආනයනය කර ඇති බවත් මේ හේතුවෙන් නිවැරදි කාණ්ඩයේ ආනයනය කරන ලද්දේ නම් අයවිය යුතු බදු ආදායම පිලිබඳව මෙහිදි හෙලිදරව් කරනු ලැබීය.
එහිදි නාරනා ඇග්‍රෝ සහ පිරමීඩ විල්මා යන සමාගම් විසින් ආනයනික භාන්ඩ වර්ගීකරන අංක 11 511. 9 0.9 08 නිශ්කාරණය නොකිරීම හේතුවෙන් අහිමි වී ඇති සම්පූර්ණ බදු මුදල පිලිවලින් මිලියන 2586 හා මිලියන 3543ක් වශයෙන් රුපියල් මිලියන 6100කට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 6ක් රේගුවට අහිමි වි තිබේ.
තිසර ගංඟාදර