ජනතාව මේ වන විට මුහුණ දෙන ප්රශ්න පිළිබඳව අවධානය යොමුකර එයට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
බත්තරමුල්ලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් දුන්නම ඒ වගකීම කරන්න බැරි බව අපිට ඉතිහාසයෙන්ම පෙනිලා තියෙනවා. මේක අමාරු කාලයක් අපි පිළිගන්න ඕන. හැබැයි ජනතාවට දෙන වරප්රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන් කමක් නෑ.
ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්රශ්න දිහා බලලා ඒවට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යන්න අපි කටයුතු කරනවා කියන එක මතක් කළ යුතුව තිබෙනවා”