කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කොලොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) දින මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරුඵලකය නිරාවරණය කරමින් චෛත්‍යයට ප්‍රථම මල් පූජාව පැවැත්වීය.
“අද රට ඉතාම අසීරු මට්ටමක තියෙන වෙලාවක්. එක පැත්තකින් කොරෝනා වසංගතයට මුහුණ පාන්න සිද්ධවෙලා තියෙනවා. ඊට අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම වෙනත් ආර්ථික බලපෑම් ඇතිවෙලා තියෙන යුගයක තමයි අපි ජීවත්වන්නෙ.
එහෙත් රජයක් වශයෙන් අපි ජනතාවට දිය යුතු මෙන්ම කළ හැකි සියලු සහන සැලසීමටත් රජයේ වගකීමක් වශයෙන් ගෙන එම කටයුතු ඉටු කිරීමටත් සූදානමින් ඉන්නවා.
විශේෂයෙන්ම ගමක ප්‍රදේශයක් දියුණු වෙන්න නම් මහා මාර්ග, විදුලිය,ජල පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. අපි විශේෂයෙන්ම ඒ කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. ගම්බදව විදුලිය දීම, මංමාවත් සාදා දීම ආදිය අද අපි ඉටු කරමින් තිබෙනවා.
එක පාරටම මුළු රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙත් ක්‍රමානුකූලව එකින් එක අරගෙන රට සංවර්ධනය කිරීම තමයි අපේ පරමාර්ථය. ඒ අනුව තමයි අපි අද හැම ප්‍රදේශයක් තුළම වැඩකරමින් රටම වැඩබිමක් බවට පත්කර තිබෙන්නෙ.
පසුගිය ආණ්ඩුව කාලේ අවුරුදු පහක් විතර සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධන වැඩ නැවතිලා තිබුණා. ඊට පසුව නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ මේ වැඩ ක්‍රමානුකූලව ආරම්භවෙලා තියෙනවා. ඉතිං අපිට ටික කලක් මේක කරලා මේ රටේ සංවර්ධනය ඇති කරන්න අවශ්‍යයයි. එතැනදි අපි ඒ සංවර්ධනය විතරක් නෙමෙයි ආගමික වශයෙනුත් අපි ඒ සංවර්ධනය කළ යුතුයැයි මම විශ්වාස කරනවා.
අපි තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන නිසා රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනගත්ත පිරිසක් තමයි අද රට පාලනය කරන්නෙ. ඒ නිසා ක්‍රමානුකූලව තමයි ඒ කටයුතුවලට අපට යෙදෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. එක පාරට, එක පැයකින්, එක දවසකින්, එක මාසයකින්, එක අවුරුද්දකින් මේ සියලු දේ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එකින් එක ඉටු කිරීමට අපි පියවර ගනිමින් තියෙනවා. ඒ සඳහා ඔබේ සහයත් අපට අවශ්‍ය වෙනවා.”