රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාති ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඒ හරහා ඡන්දය ලබා ගැනීම අපේක්ෂා කරන බවත් ඔවුන් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට 13ට කැමති හා අකමැති බව පවසන බවත් ජනාධිපති සිහින තිබෙන මේ පිරිස් මේ ජාතීන් අතර ආගම් අතර ආරවුල් සිදු කරන බවත් ඔවුන් 2019 සිදු කළා මෙන් නැවත වරක් ජනතාව ඇන්දවීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (26) දොඩම්ගස්ලන්ද මාලිගාතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්තාන චෛත්‍ය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමිනි.
මේ දේශපාලන නායකයෝ සුදුසු ගුණයේ නොපිහිටා කෙසේ හෝ බලය ලබා ගෙන ජනාධිපතිකම් අගමැතිකම් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ අධි සුඛේපභෝගී ජීවිතයට හානි වන බැවින් ලක්ෂ 220ක් වූ ජනතාවට මොන දේ වුවත් බොරු පොරොන්දු ලබා දී බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ශක්තිසම්පන්න භාවය, ජාතික පෞරුෂත්වය, අපේ කම රටේ කම ශ්‍රී ලාංකිකත්වය රැකෙන්නේ ආගම් අතර ජාතීන් අතර සංහිදියාව හා එකමුතුභාවය තිබුණහොත් පමණක් බවත් ඒ නිසා සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක ජාති ආගම් කුල ගැටුම් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
තවද වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ විවිධ චෝදනා කරමින් ජාති භේද ඇවිස්සූ බවත් අවසානයේ වෛද්‍ය සාෆි නිවැරදි බවට සනාථ වූ බවත් ඒ නිසා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නම් සැම ජාති, ආගම්, ජන කොට්ඨාස අතර ඇති බැදීම ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එමෙන්ම ජනාධිපති අගමැති මැති ඇමතිකම්වලට ඇති කෑදර කම නිසා සමහර පුද්ගලයන් රට කෑලි කෑලිවලට බෙදන බවත් එය දේශප්‍රේමීත්වය නොවන බවත් ජාති භේදය ආගම් භේදය අවුස්සා බොරු කියා බලය ලබා ගත් පුද්ගලයා පසුගිය කාලයේ ජනතාව විසින්ම එලවා දැමූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා අනුගමනය කරන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කරමින් මේ රට ගොඩ නැගීමට දායක කර ගැනීම බව යි.
එසේම රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට පාර්ලිමේන්තුවට යන විට පාර්ලිමේන්තුවේ සිටින මෝඩයන් පිරිසක් පරුෂ වචන කියමින් එම කතාවලට බාධා කරමින් ජනතාවගේ ප්‍රශ්න යට ගසන බවත් එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන වසන්ත අතුකෝරළ මහතාගේ පර්යේෂණයකට අනුව දිස්ත්‍රික්ක 15ක මේ රටේ ජනතාව ජල හිඟය නිසා බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බවත් ඒ නිසා එම ජනතාව රුපියල් කෝටි 10000කට වැඩි රත්‍රං ආභරණ උකස් කර ඇති බවත් වගා හානි නිසා අක්කර 60000ක් විනාශ වී ඇති බවත් ඒ නිසා රුපියල් කෝටි 68729ක රත්රන් ස්වර්ණාභරණ සම්පත් ආදිය උකස් කර ඇති බවත් මේ ගැටලුවලට ආණ්ඩුවට විසදුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.