ජනතාව බඩගින්නේ නම් ඔවුන් ඡන්ද දාන්නෙ නෑ
ජන ජීවිතය යථා තත්ත්වයට පත්වූ විට මැතිවරණ පැවැත්විය හැකි බවත් ජතාවට ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි නම් ඔවුන් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"දැන් අංක දෙස බලන විට (මැතිවරණය පවත්වයිදි කියා) මට විශ්වාස නෑ. එය වෛද්‍ය විශේෂඥයින්ට භාරයි. අප යෝජනා කර ඇත්තේ දිගටම පරීක්ෂා කිරීමයි. අවම වශයෙන් පරීක්ෂණ 3,000 කින් ආරම්භ කරන්න, එවිට ඔබට දැනගන්න පුළුවන්.
ජීවිතය යථා තත්ත්වයට පත් වුවහොත් ඔබට මැතිවරණ පැවැත්විය හැකියි. ඔබ කළ යුතුයි. අපටත් මැතිවරණ අවශ්‍යයි. නමුත් පරීක්ෂණය දිගටම කරගෙන යාමට ඉඩ දෙන්න. පළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි.
කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතුය. ඒ සමඟ ජනතාව මැතිවරණයට පැමිණෙනු ඇත. ඒ සඳහා යතුර වන්නේ පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමයි! අපි කියන්නේ 3,000 කින් පටන් ගන්න. එය ප්‍රමාණවත් නොවේ. නමුත් අවම වශයෙන් ඒ සඳහා ධාරිතාවය ගොඩනඟා එය දෙගුණ කරන්න.”

popular news
-
cyril Wimalasena Sunday, 26 April 2020 01:44 PM
ජනතාව කොහෙත්ම එක්සත්ජාතික පක්ෂයට නෙවත ජන්දය දෙන්නේ නැහැ ඔබලාගේ ගමනක අවසානය 2020
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

