ජනතාව ඉල්ලූ දේ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා
පක්ෂයක් ලෙස ඉන්ධන හෝ විදුලි බිල් වැඩිකිරීම ප්‍රතිපත්තිය නොවූ නමුත් ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
“පක්ෂයක් ලෙස අපි හිටියේ ඉන්ධන හෝ විදුලි බිල් වැඩි කරලා ජනතාව මත බරක් පැටවීම සුදුසු නෑ කියන මතයේ. හිටපු බලශක්ති ඇමතිවරයා ඉන්ධන බිල වැඩිකරපු අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස එයට විරෝධය පෑවා.
අපි හැම තිස්සෙම හිටියේ වැඩිවීම් ජනතාව මත පටවන්නේ නැතිව ජනතාවට ශක්තිය දීලා නැගිටින්නට ජනතාවට අවස්ථාව දීලා යම්කිසි ආකාරය ප්රතිලාභ ලබා ගත යුත්තේ කියන කාරණාවේ.
හැබැයි අපි ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව මෙ රටේ තරුණ ජනතාව කැරළි ගහලා, පාරවල්වලට බැහැලා හිටපු ජනපතිතුමාවත් ගෙදර යවලා අලුත් පාලන ක්‍රමයක් ඉල්ලුවා.
අපි බදු අඩුකළාම බදු අඩු කිරීම වැරදියි කිව්වා. ඉන්ධන ගාස්තු වැඩි නොකළාම විදුලි බිල් වැඩි නොකළාම ඒක වැරදියි කිව්වා.
දැන් ජනතාව ඉල්ල සිටින දේ ජනතාවට ලැබෙමින් තිබෙනවා. මේක තයමි ජනතාව ඉල්ලූ දේ. නමුත් පක්සයක් ලෙස අපේ ප්‍රතිපත්තිය වුණේ මේක නෙමෙයි”
popular news
-
A.M.A. Kumara Tuesday, 03 January 2023 02:45 AM
චන්දෙ ආවාම බලාගනිල්ලා ජනතාව උඹලට දෙන දේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

