මීළඟ ඉන්ධන මිල සංශෝධනය සිදුකරන අප්‍රෙල් මාසයේදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (21දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකරන බවත් ඒ අනුව අප්‍රේල් මාසයේදීද මිල සංශෝධනය කරන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව බවත් අමාත්‍යවරයා පැවැසීය.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවිමේ වාසිය මෙන්වෙම රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදෙන ලෙස ජනපතිවරයා සඳහන් කර ඇති බවත් ඒ අනුව අප්‍රේල් මස ඉන්ධන සංශෝධනයේදි ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.