ජනතාවට අවශ්‍ය වන්නේ කුසගින්නට බත් කටක් බවත් අංගුලිමාල හා දේවදත්ත ගැන කතා නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ මැද කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව දේවදත්ත කෙනෙකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බවත් අංගුලිමාල මිනිසුන්ගේ ඇඟිලි කපන සේ බදු පිට බදු පනවමින් සිටින බවත් පැවසීය.