පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී ආජන්ටිනා කණ්ඩායම මුහුණ දුන් සුවිශේෂී සිදුවීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම ජනතාවට ආචාරය කිරීම වෙනුවෙන් ලෝක කුසලානයද සමගින් බුවනෝර්ස් අයර්ස වෙත වහළ නොමැති බසයකින් ගමන් කරමින් සිටින විට විශාල ජනතාවක් ඒ අවස්ථාවට එක්ව තිබේ.
මෙසේ එක්වූ පිරිස මිලියන 4කට අධික බව ආජන්ටිනා මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම අතිවිශාල ජනතාව හේතුවෙන් බසයට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය.
මේ අවස්ථාවේදී කණ්ඩායම ආරක්ෂාකාරීව එයින් ඉවත් කිරීම වෙනුවෙන් හෙලිකොප්ටරයක් භාවිත කිරීමට ආජන්ටිනා ආරක්ෂක අංශයන්ට සිදුවිය.
පාපන්දු උන්මාදයෙන් අළලී ගිය ඇතැම් ප්‍රේක්ෂකයන් මාර්ගයේ ඇති විදුලි පහන් කණුවලට පවා ගොඩවෙමින් තම කණ්ඩායම දැක ගැනීමට කටයුතු කරමින් තිබූ බව ආජන්ටිනා මාධ්‍ය වාර්තා කරයි.
