ජාතික උවදුරක දී ආගම් අනුව තීන්දු තීරණ නොගත යුතුයි - හෙළ බොදු සවිය
ජාතික උවදුරකදී ආගම් අනුව තීන්දු තීරණ නොගත යුතු බව හෙළ බොදු සවිය සංවිධානය පවසයි.
මීගමුවේදි කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ආගමානුකූලව සිදු නොකිරීම හේතුවෙන් ඇතිව තිබෙන මතගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසයි.
හෙළ බොදු සවිය සංවිධානයේ නිවේදනය
ජාතික උවදුරක දී ආගම් අනුව තීන්දු තීරණ නොගත යුතුය.
මීගමුවේ දී කොරෝනා ආසාධිතව මියගිය මුස්ලිම් ජාතිකයා ඉස්ලාම් ආගමික වතාවත් කොට භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධව මුස්ලිම් ආගමික නායකයන් ද දේශපාලක නායකයන් ද සිය විරෝධය පලකර තිබේ. ඒ අනුව කොරෝනා ආසාධිතව ඉස්ලාම් අයෙකු මියගිය හොත් ඔහුගේ ආගමික කටයුතු ආගමානුකූලව සිදු කළ යුතු බව අවධාරනය කරයි.
මෙම යෝජනාව දෙස කිසිලෙසකින්වත් සාධාරණව බැලිය හැකි මට්ටමේ එකක් නොවේ. අපගේ ඉල්ලීම වනුයේ එලෙස මෙවන් ජාතික උවදුරකදී ආගම් අනුව කල්පනා කොට කටයුතු කිරීම වෙනුවට ලෝකයේ අනෙක් රටවල් ද අනුගමනය කරන සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ම මල සිරුරු සම්බන්ධව අනුගමනය කිරීම වැදගත් බවයි. මෙම යෝජනාව අනුව යම් විදියකින් බෞද්ධ, කතෝලික හා හින්දු ආගමිකයන් ද මෙවැනිම ඉල්ලීම් සිදුකළ හොත් එය මෙරට දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එහි දි වඩත් අපහසු තායට ලක් වන්නේ අරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශයි
එසේම මෙවැනි ආගමික වතාවත් සිදුකරන්නට යෑමෙන් සිදුවන්නේ එකී විෂබීජ තව තවත් වර්ධනය වීමට අනුබල දීමකි. එකී ආගමික වතාවත්වලට ද සම්බන්ධ වන පූජකයන් යලි නිරෝධායනයට ලක් කරන්නේ ද? වඩාත් ආගමික පරිසරයන් ඇති රටවල තත්වය අතිශය ඛේදනීය වේ. පවුලේ කිසිවෙකුට ද කොරෝනා ආසාධිතව මියගිය අයෙකුගේ දේහය බැලීමට අවසර නැත.
එවැනි තීරණ එම රටවල් ගෙන තිබෙනුයේ කොරෝනා මැඩලීමේ තවත් පියවරක් ලෙසට ය. අප මෙයි දි අනුගමනය කරන්න ඕනැ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති ප්‍රමිතින් හා නිර්ණායක අනුවයි. බුද්ධගයාව, මක්කම, ජෙරුසෙලම, වතිකානුව පවා ඉබි යතුරු දාල තියෙද්දි මිනිස්සුන්ට වටින්නෙ අංක එක මිනිස්සුන්ගෙ සමාජ වගකීම. එහෙම නැතුව ආගමික විශ්වාස නෙවෙයි.
එම නිසා කිසිලෙසකින්වත් මෙවන් මොහොතක් ජාති ආගම් අනුව කටයුතු නොකළ යුතු අතර කොරෝනා මර්දන ක්‍රියාවලියේ පොදු ප්‍රතිපත්තියට අනුකූලව සියලු කටයුතු සිදුකළ යුතු බවට අප සඳහන් කර සිටින්නෙමු. ඔවුන් අවශ්‍ය වන්නේ නම් පුද්ගලිකව ආගමික වාතාවත් සිදුකරගැනීමට කිසිවෙකු විරුද්ධ නොවන්නා සේම මෙම තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව කටයුතු කිරීම රට වැසි අපි කවුරුත් කටයුතු කළයුතුය.
මෙයට
බුදුගල ජිනවංස හිමි
සභාපති
popular news
-
Deepal Nirosh Wednesday, 01 April 2020 06:01 AM
මෙම ප්‍රකාශය නිවැරදියි, මෙවැනි තත්ත්වයක් යටතේ මූලිකත්වය දිය යුත්තේ ජීවත්ව සිටින අයගේ සෞඛ්යාරක්ෂිත භාවයටයි. මියගිය අයගේ ඥාතීන් දෙදෙනෙකුට සහභාගි වීමට රජය අවසර දී තිබියදීත් එක් අයෙකුවත් අවසන් ගෞරව දක්වන්න සහභාගි වී නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
