ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ
ජන්දය නොපැත්වීමේ අදහසක් රජයට නොමැති බවත් කෙසේ වෙතත් රජය මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"කිසිසේත් ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ. තිබෙන මුදල් තත්ත්වය පිළිබඳව සෑම මසකම දැනුවත් කරනවා. භාණ්ඩාගාරයට ලැබුණ මුදල හා එය වියදම් කරන ආකාරය දැනුම් දෙනවා.
රජය සතයක්වත් ඉතිරි කර ගන්නේ නෑ. මීට පෙර සියලුම ආණ්ඩු වියදම් දරලා තියෙන්නේ ණය ගැනීමෙන් හා මුදල් අච්චු ගැසීමෙන් ණය ගෙවීම් පැහැර හැර ඇති නිසා ණය ගන්න බෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමට එන්න බෑ මුදල් අච්චු ගැසුවොත්. දැන් භාණ්ඩාගාරය කිසි දිනක මුහුණ නොපාපු ගැටලුවකට පත්ව තිබෙනවා.
අපි මැතිවරණ නොපවත්වා ඉන්නේ නෑ. මුදල් තත්ත්වය ගැන භාණ්ඩාගාර ලේකම්තුමා අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේ තත්ත්වයේ තිබෙන බරපතල කම දැනුම් දීලා."
popular news
-
Dayan Tuesday, 14 February 2023 11:23 AM
Meeharaka, Do you think you can fool us?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

